ආයේ රියදුරන් බීවද කියලා බලන පරීක්ෂණ නැහැ
මත්ද්‍රව්‍ය භාවිත කරන බර වාහන රියැදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ ලබන මාසයෙන් පසුව අත්හිටුවන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති අරෝෂා විද්‍යාභූෂණ පැවසීය.
මෙම පරීක්ෂණය පොලිසිය හා එක්ව දීප ව්‍යාප්ත අන්දමින් අහඹු ලෙස කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවන බවද සභාපතිවරිය කීවාය.
බර වාහන රියැදුරන් සඳහා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම් කළද බොහෝ රියැදුරන් ඒ පරීක්ෂණ වෙනුවෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී සිටිමින් පරීක්ෂණයට පැමිණෙන අතර ඇතැම් පුද්ගලයන් වැරදි මූත්‍රා සාම්පල පවා ඉදිරිපත් කරන බවද නිරීක්ෂණය වී ඇතැයිද ඇය කීවාය.
මේ අනුව මෙම පරීක්ෂා කිරීම් නතර කරමින් ප්‍රවාහන අමාත්‍යාංශය හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්කරගනිමින් අහඹු ලෙස මගී ප්‍රවාහන බස් රථ රියැදුරන්, බර වාහන රියැදුරන් පරීක්ෂා කරන බවද ඒ අනුව හඳුනා ගනු ලබන මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදින පුද්ගලයන්ට නීතිමය පියවර ගනු ඇති බවද සභාපතිවරිය කීවාය.
මෙම අහඹු පරීක්ෂා කිරීම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණු කොරිඩෝවෙන් ආරම්භ කිරීමට සැලසුම් කර සිටින බවද ඇය කියා සිටියාය.