අස්වැසුම ගැන ඇහෙන අලුත්ම කතාව
බොහෝ දෙනෙක් මග බලා සිටින අස්වැසුම දීමනාව ගැන ඇහෙන අලුත්ම ආරංචියයි මේ.
ඒ අනුව අස්වැසුම බැංකු ගිනුම් විවෘත කිරිමට ජාතික ඉතිරි කිරිමේ බැංකුවත් (එන්.එස්.බී) මේ වන විට කටයුතු කරමින් සිටියි. අස්වැසුම ප්‍රතිලාභීන් බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහා විවිධ දුෂ්කරතාවලට පත් වීම අවම කිරිම සදහා ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙනුත් බැංකු ගිණුම් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.
වතුකරයේ අස්වැසුම ප්‍රතිලාභීන් බැංකු ගිණුම් ආරම්භ කිරිම සදහා හැටන් ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ රැදි සිටින අතර, රාගල, තලවකැලේ සහ නාවලපිටිය යන බැංකු ශාඛා වලද අස්වැසුම ගිණුම් ආරම්භ කරන බවත්, (23) දිනත් එම ප්‍රතිලාභීන් වෙනුවෙන් බැංකු ගිණුම් ආරම්භ කිරිමට බැංකුව විවෘත කර තිබෙන බවයි ඉතිරි කිරිමේ බැංකුවෙ උසස් නිළධාරියෙකු කියා සිටියේ.