මහරගම වෙඩිල්ලේ පැදිකරු මාට්ටු
පසුගියදා මහරගම නාවින්න සුපිරි ප්‍රදර්ශනාගාරයක් ඉදිරි පිටදී පුද්ගලයකුට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිදුවීමේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස එහිදී යතුරු පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකි වී ඇත.
අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ තිබී කොරායින් මත්කුඩු මිලි ග්‍රෑම් 20450 සොයාගෙන තිබේ. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ දෙහිවල කළුබෝවිල විමල පාරේ පදිංචි හිටපු හමුදා නිලධාරියෙකි. සැකකරු විසිනම හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බව සඳහන්.