අද මේ ප්‍රදේශවලට දුම්රිය ගමනාගමනය නවතී

By Mithu Aug 23, 2025 02:07 AM GMT
Report

අද (23) සහ හෙට (24) දින යන දෙදින තුළ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කීපයක් අවලංගු කර තිබේ.

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

එලෙස අවලංගු කර ඇත්තේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දූව සහ බෝසතර දුම්රිය මාර්ගය දුම්රිය ගමන් කිහිපයකි. මේ අනුව අවලංගු වන දුම්රියන් පහත දක්වා තිබේ.

01. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.15 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8319 දුම්රිය

02.මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව.12.10 ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 8788 දුම්රිය

2025.08.24 දින ආරම්භක වෙලාව සංශෝධනය කර ධාවනය කරන දුම්රියන්

01. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8327 සමුද්‍රදේවී දුම්රිය, ගාල්ල දුම්රිය ස්ථානයෙන් පැය 1ක් පමණ ප්‍රමාදකර පෙ.ව.06.30 ට ගමන් ආරම්භ කිරීම.

02. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.04.10 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8320 දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව.08.50 ට ගමන් ආරම්භ කිරීම.

අද චන්ද්‍රයා ලග්නයේ දෙවැන්නේ ගෝචර වන යහමින් මුදල් ගැවසෙන ආර්ථිකයට යහපත් දවසක්

අද චන්ද්‍රයා ලග්නයේ දෙවැන්නේ ගෝචර වන යහමින් මුදල් ගැවසෙන ආර්ථිකයට යහපත් දවසක්

මීට අමතරව අද කොළඹ කොටුවෙන් ප.ව.07.30ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට නියමිතය.

විලංගු වැටුණු රනිල් බන්ධනාගාරයට - කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්

විලංගු වැටුණු රනිල් බන්ධනාගාරයට - කොටුව අධිකරණ පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්