වැලිගම මාලිමාවේ ඩ්‍රාමා එක එළිවෙයි පැහැර ගත්තෙ නෑ කැමැත්තෙන් නැග්ගේ සාක්ෂිකාරියක් කට අරී [VIDEO]

Report

සමගි ජන බලවේගය ප්‍රමුඛ අනෙකුත් පක්ෂ නියෝජිතයින් විසින් පහුගිය දා වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයින් දෙදෙනෙක් පැහැර ගැනීමේ සිද්ධිය ජාතික ජන බලවේගය මඟින් සැළසුම් සහගත ලෙස සිදු කළ පැහැරගැනීමක් බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සිද්ධිය ඇසින් දුටු තැනැත්තියක්ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට කැඳවා ඔවුන් විසින් අඳාළ සභිකයින් දෙදෙනා පැහැර ගැනීම සම්බන්ධ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්

දුම්රියේ යන අයගේ ජීවිත අනතුරේ, බිහිසුණු දුම්රිය අනතුරු ගැන අනතුරු ඇඟවීමක්

ඒ ඇසින් දුටු සාක්ෂිකරිය පවසා ඇත්තේ එම මන්ත්‍රී වරිය සහ මන්ත්‍රීවරයා ත්‍රිරෝද රථයකින් පැමිණ තම නිවස ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයකට ගොඩවූ බවත් එය කිසිසේත් පැහැර ගැනීමක් ආකාරයට නොපෙනුනු බවයි.

එසේම අදාළ මන්ත්‍රීවරිය තමන් හොඳින් හඳුනන බවත් ඒ මොහොතේ තමන්ටද අත වනාගෙන ස්ථානයෙන් පිටව ගිය බවත් ඇය කියා සිටියි.

එසේ වුවත් රාත්‍රී‍යේදී ප්‍රවෘත්තිවලින් අදාළ මන්ත්‍රී දෙපළ පැහැර ගැනීමක් වූ බව ප්‍රකාශ කළ බැවින් ඇය කලබල වූ බවද පැවසුවේ ඇසින් දුටු සාක්ෂිකාරියක් ලෙස එවන් පැහැර ගැනීමක සළකුණක් එම අවස්ථාවේ නොතිබූ බැවින් ලෙසද පවසයි.

උදව්වට ස්තූතියි, ආයෙත් ඉක්මනට හම්බෙමුකෝ - එලෝන්ට චාටු දාන ගමන් ආණ්ඩුවෙන් ලකුණු දාගන්න රනිල්

උදව්වට ස්තූතියි, ආයෙත් ඉක්මනට හම්බෙමුකෝ - එලෝන්ට චාටු දාන ගමන් ආණ්ඩුවෙන් ලකුණු දාගන්න රනිල්

කෙසේ වෙතත් ඉකුත් දින පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පෙර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගත් බව කියන සිද්ධියක් පිළිබඳව විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වුණා.

මේ නිසා සභාවේ කටයුතු දින නියමයක් නොමැතිව කල් තැබීමට පියවර ගැනීමක් සිදු වූ බවත් වාර්තා වුණා. මෙසේ පැහැර ගැනීමට ලක්ව තිබුණේ අජිත් ප්‍රියන්ත සහ කමනි අල්විස් යන සභිකයින් දෙදෙනා බව සඳහන්.

ඉන්පසු මෙසේ පැහැරගත් බව කියූ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා උණවටුන වෙරළ තීරයේදී සිට හමුවූ බව පොලිසිය ප්‍රකාශ කර තිබුණා.

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

ඉහළ දැමු විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මේ සමඟ අඳාළ සිද්ධිය පිළිබඳව සමගි ජන බලවේගය ප්‍රමුඛ පක්ෂ කිහිපයකට චෝදනා එල්ල වූ බවට වාර්තා විය.

එසේම සමගි ජන බලවේගය සඳහන් කළේ ජාතික ජනබලවේගය විසින් මෙය සැලසුම් සහගතව සිදු කර තිබෙන බවයි.

එමෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සභිකයින් දෙදෙනා ගමන් කළ බව කියන ජීප් රථයක සී සී ටී වී දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇත.  

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න

AliExpress දැන් මොකක්ද කියන්නේ ? සියලු ඇත්ත මෙන්න