ලෝකෙටම නරක ආරංචියක් - තෙල් මිල තවදුරටත් ඉහළට - නවතම මිල ගණන් මෙන්න
සෞදි ඉලක්ක වෙත හූති ප්රහාර උත්සන්න වීම සහ ඉරානයට එරෙහිව එක්සත් ජනපද ප්රහාර යළි එල්ල විය හැකි බවට වන වාර්තා මැද පෙරදිග සැපයුම් අවදානම් ඉහළ යාමත් සමඟ අද(23) දින බ්රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 114 ට වඩා ඉහළ ගොස් ඇත. ඒ මාස පහකට වැඩි කාලයක් තුළ එහි ඉහළම මට්ටමට ළඟා වෙමින්.
එසේම ඩබ්ලිව් ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 100.7 ක් වශයෙන්.
සෞදි අරාබියේ රතු මුහුදේ යාන්බු වරායට මෑතකදී එල්ල වූ ප්රහාර සඳහා යේමනයේ ඉරාන සහාය ලත් හවුති සටන්කාමීන් වගකීම භාර ගත් අතර, ලොව විශාලතම බොරතෙල් අපනයනකරු වන තෙල් නිධියක් සහ ගුවන් තොටුපළක් ඉලක්ක කරගත් මාරාන්තික ප්රහාර ද ඊට ඇතුළත් විය.
එසේම ලබන මාසයේ මධ්ය කාලීන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජනපද සහ ඊශ්රායල හමුදා අලුත් ප්රහාර සඳහා සැලසුම් සකස් කර ඇති බව සඳහන්.
එසේම ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් ප්රධාන ඉලක්කයක් විය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත් කලාපීය ආතතීන් උත්සන්න වීම සහ හෝමූස් සමුද්ර සන්ධිය ඔස්සේ නැව්ගත කිරීමට ඇති තර්ජන නොතකා, පර්සියානු ගල්ෆ් කලාපයෙන් බොරතෙල් අපනයනය පූර්ව යුද්ධ මට්ටමට ආසන්නව නැවත ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර යුරෝපයේ, ඩීසල් සැපයුම් සම්බන්ධ එක්සත් ජනපද-රුසියා ගිවිසුමක් මධ්යයේ යුක්රේනය මෙම සතියේ රුසියානු පිරිපහදුවලට එල්ල කරන ප්රහාර තීව්ර කර ඇති බව වාර්තා වේ.
ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී