පිපිරීම සිදුවූ හෝටලය ගැන නවතම තොරතුරු මෙන්න..පිපිරීම ගැන සැකයක්.(VIDEO/PHOTOS)

Police Accident Weligama Southern provincial Hotel Blas
By Aruna Nov 04, 2021 06:57 AM GMT
Aruna

Aruna

Report

පිපිරීම සිදුවූ ආකාරය තවම නිශ්චිත නෑ වැලිගම කප්පරතොට ඇවරියවත්ත සංචාරක හෝටලයක අද උදෑසන 03:30 ට පමණ පිපිරීමක් සිදු වුනා.

ඒ අනුව මේ වන විට පිපිරීමට ලක්වූ හෝටල් ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සමග සඳහන් කළේ.

එහිදී හෝටලයේ හිමිකරු වන 35 හැවිරිදි අයෙකු, ඔහුගේ පුත්‍රයා වන 14 හැවිරිදි දරුවෙකු සහ අසල්වැසි නිවසක කාන්තාවක වන 31 හැවිරිදි අයෙකු තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

එමෙන්ම මෙම සිද්ධිය ගෑස් පිපිරීමක් බවට ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කරනු ලැබුවත් මේ වන තෙක් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

දකුණු පළාත් අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් සහ වැලිගම පොලිසියේ නිළධාරීන්ද මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පිරීම හේතුවන් එම හෝටල් ප්‍රදේශයේ දැඩි හානි සිදුවීම හේතුවෙන් මෙය ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමක් ලෙස සැලකීම අපහසු බවද අප වාර්තාකරු ප්‍රකාශ කලා.

තවද පිපිරීමෙන් අවට නිවෙස් කිහිපයකටද හානි සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery