14 හැවිරිදි දරුවාට වෙඩි තබා මරු කැදවූ තිදෙනෙක් අල්ලයි( VIDEO)
hambanthota
weerakatiya
Wakadhavala
By Sewvandhi
වීරකැටිය වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කෙසේවෙතත් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඊයේ රාත්‍රි 10.30ට පමණ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ. වීරකැටිය - වෑකඳවල ප්‍රදේශයේ දී මෙලෙස පියාට තැබූ වෙඩි පහරක් වැදීමෙන් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
පවුලේ ඥාතියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට යි වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ. සැකකරු සොයා මේ වනවිට පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |