වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්කයක සියලු සිනමා ශාලා වසාදමයි...විවාහ උත්සව සහ පුද්ගලික පන්තිත් තහනම්.

Covid-19 Police Jaffna
By Thaya Apr 11, 2021 05:31 PM GMT
Report

පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම් දෙනතුරු වසාදමා තිබේ. උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේදීෂ්වරන් මහතා ප්‍රකාශ කළේ මේ වන විට එම දිස්ත්‍රික්කයේ විවාහ උත්සව කටයුතු, පුද්ගලික පන්ති පැවැත්වීම ආදිය ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. මේ අතර, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් ඊයේ (10) තවත් පුද්ගලයෙකු මිය ගිය අතර, කොවිඩ් -19 ආසාදිතව මෙරට දී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 596 දෙනෙකු දක්වා ඉහළ ගියේය. ඒමෙන්ම, ඊයේ දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 268 දෙනෙකු ද හඳුනාගෙන ඇත.