ඉදිරි සති දෙක තුළ මංගල උත්සව සඳහා අවසර

COVID19 SHAVENDRA SILVA INFECTIONS WEDDING CEREMONY
By Sewvandhi Apr 26, 2021 10:50 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිරි සති දෙක තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව තහනම් කෙරුණ ද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවසර ලබාදෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා ඒවා නවතා දැමිය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවය.

පැතිර යන කොවිඩ් - 19 තත්ත්වය පිළිබඳව වැඩි අවදානයක් යොමු කරමින් නියමිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව මංගල උත්සව පැවැත්වීමට හැකියාව පැවතිය ද වෙනත් කිසිදු උත්සවයක් හෝ සාදයක් පැවැත්වීම තහනම් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය