මංගල උත්සව සඳහා යළිත් සීමා..රාජ්‍ය සේවයටත් නව චක්‍ර ලේඛනයක්..? (VIDEO)
පවතින කොවිඩ් තත්ත්වය සලකා විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ. ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.
උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.
මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ. අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බලපැවැත්වේ.
මීට අමතරව කාර්යමණ්ඩල රාජ්‍ය සේවය සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබේ. ඒ අනුව ලබන සඳුදා (09) සිට කාර්යාල සඳහා කැඳවිය යුත්තේ සේවයට අත්‍යවශ්‍ය පුද්ගලයින් පමණි.
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කාර්යාලයට එකවර කැඳවන සේවකයින් ප්‍රමාණය තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියාට හිමිවන බවය.
මේ අතර රටතුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම රාජ්‍ය උත්සව ද සැප්තැම්බර් 01 වනදා තෙක් කල්දැමීමට තීරණය කර තිබේ.
රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


