පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට තද සුළං සහ වැසි - ප්‍රදේශ රැසකට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්
දිවයිනට ඊසාන දෙසින්, වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී තවදුරටත් වර්ධනය වී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම කාලගුණ පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකිය.
ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී විවෘත ප්‍රදේශවල රැඳී සිටීමෙන් වළකින ලෙසත්, තද සුළං සහ අකුණු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ජනතාවට උපදෙස් දී තිබේ
වාහනයේ පසුපස මැද ආසනයටත් අමතර ආසන පටි සවි කරගන්න පුළුවන්- නව ආසන පටි නීතිය ගැන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගෙන් පැහැදිලි කිරීමක්