නව ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය කාඩ්පත් මිලියන 5ක්

Report

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 05ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මෙම කාඩ්පත් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට 2025 අප්‍රේල් 07 වන දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය ලබා දී තිබෙනවා.

එබැවින් ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම යටතේ ඉදිරිපත් වූ ලංසු 08ක් පරීක්ෂා කර ඇගයීමට ලක් කර ඇත.

25 වෙනිදා ඉඳන් කොළඹ පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක් - කිසිදු පාරිභෝගිකයෙකුට මේවා නොමිලේ දෙන්න බෑ

25 වෙනිදා ඉඳන් කොළඹ පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක් - කිසිදු පාරිභෝගිකයෙකුට මේවා නොමිලේ දෙන්න බෑ

එම උසස් මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයන්ට අනුව, සියලු කොන්දේසි සපුරාලූ ලංසුකරු වන ජර්මනියේ Muhlbauer ID Services GmbH ආයතනය වෙත යුරෝ මිලියන 4.93ක මුදලකට මෙම කාඩ්පත් මිලියන 05 මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

සුළු මොහොතකට පෙර ලංකාවට අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11.30 දක්වා වලංගුයි

සුළු මොහොතකට පෙර ලංකාවට අවවාදාත්මක නිවේදනයක් - රාත්‍රී 11.30 දක්වා වලංගුයි

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්