රන්ජන් යළිත් සම්මානයෙන් පිදුම් ලබයි - ජනප්‍රිය කලාකරුවන් සමඟ ගත් ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි [VIDEO]
By Malith Madushan
කලා ලෝකයේ තරු රැසක් එකම තැනකට එක්වූ Popular Award 2026 සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. එහිදී ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක ද සම්මානයකින් පිදුම් ලැබීණි.
සම්මානය හිමිකරගත් රන්ජන්, සම්මාන උළෙලට එක්ව සිටි ආකාරයත් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා. ඒ අතරේ ඔහු ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළු නිළියන් සහ කලාකරුවන් සමඟ එක්ව ලබාගත් අපූරු ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
විවිධ අවස්ථාවලදී ලබාගත් එම ඡායාරූපවලින් සම්මාන උළෙලේ සුන්දර මතකයන් කිහිපයක්ම දැකගත හැකි අතර, රන්ජන් සමඟ ඡායාරූපවලට එක්වූ කලාකරුවන් ගැනත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. Popular Award 2026 සම්මාන උළෙලේ රන්ජන් රාමනායක එක්වූ එම සුවිශේෂී අවස්ථාවල ඡායාරූප කිහිපයක් පහතින්.