දිවයින පුරා ප්‍රදේශ රැසකට තද වැසි..සුළං තත්ත්වයත් වැඩි වෙයි..
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 75කට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි. උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ.
මේ අනුව, ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතේත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.