ට්‍රම්ප් පුටින් මුහුණට මුහුණ හමුවේ - රුසියාව හා යුක්රේනය නැවතත් එක්වෙයිද?
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, සිකුරාදා දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී යුක්‍රේනයට අයත් භූමි ප්‍රදේශයක් ආපසු ලබාදීමට උත්සාහ කිරීමට තමන් සූදානම් වන බවයි.
රුසියාව මේ වන විට යුක්‍රේනයේ විශාල කොටසක් අත්පත් කරගෙන ඇති අතර, එම භූමි ප්‍රදේශයෙන් කොටසක් යුක්‍රේනයට නැවත ලබාදීමට තමන් උත්සහ කරන බවත් මෙම සාකච්ඡාව ඇලස්කාවේදී පැවැත්වීමට නියමිත බවත් ට්‍රම්ප් පවසයි.
මීට අමතරව, පුටින් සමග විනාඩි කිහිපයක් ඇතුළත ප්‍රගතියක් ලබාගත හැකිදැයි තීරණය කළ හැකි බවත්, රුසියානු ජනාධිපතිවරයා සාධාරණ යෝජනාවක් ඉදිරිපත් කළහොත් යුරෝපීය නායකයින්ව යාවත්කාලීන කිරීමට පළමුව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි සමග කතා කිරීමට තමන් සූදානමින් සිටින බවත් ඔහු පවසයි.
සියල්ල එසේ සාර්ථක වුවහොත් සෙලෙන්ස්කි සහ පුටින් දෙදෙනාම එක්කර , ත්‍රිමාන සාකච්ඡාවක් ලෙස පැවැත්විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.