ඒ පාර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන ඉන්දියාවත් එක්ක සාකච්චා - දමිළ ගුරුවරුන් ඉස්සරහට

India Harini Amarasuriya Education Latest Headlines Sinhala news
By Ashfa Aug 12, 2025 02:58 AM GMT
Ashfa

Ashfa

Report

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා මහතා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ - 26ක් රෝහලට

බස් රථයක් සහ ලොරි රථයක් ගැටේ - 26ක් රෝහලට

මෙම හමුව ඊයේ දිනයේදී (11) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුනු බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

පොලිස් නිලධාරීන් වැරදි කරොත් මේ WhatsApp අංකයට වීඩියෝ කරලා එවන්නැයි පොලිස්පති පවසයි

පොලිස් නිලධාරීන් වැරදි කරොත් මේ WhatsApp අංකයට වීඩියෝ කරලා එවන්නැයි පොලිස්පති පවසයි

මෙම සාකච්චාව තුලදී නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන පුහුණු වැඩසටහන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ ව කරුණු හුවමාරු වී ඇත.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

වැඩිදුරටත් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කලේ සාකච්චාවේදී දෙමළ මාධ්‍ය සඳහා පවතින ගුරු හිඟයට විසඳුම් සෙවීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව අවධානය යොමු කල බවයි.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්-ජා මහතා අතර වූ මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා ද සහභාගී වී ඇත.