ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි
විදුහල්පතිවරුන්ට හා සිසුන්ට කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා දැඩි කොන්දේසි පනවා ඇත.
ඒ හේතුවෙන් මේ වනවිට ඔවුන් විවිධ ගැටළු වලට මුහුණ පා ඇති බවද වාර්තා වේ.
පාසල් සිසුන්ගේ දෙමාපියන් පවසන්නේ මෙම කොන්දේසි දරුවන්ගේ අනාගතයට සෘජුවම බලපාන බවයි.
එම කොන්දේසි වලට අනුව එක් විෂය ධාරාවක් සඳහා අවම වශයෙන් සිසුන් පහළොවක් (15) සිටිය යුතුය.
එසේ සිසුන් 15ක් එක් විෂය ධාරාවක් සදහා නොමැතිනම් අදාළ පන්ති කටයුතු ආරම්භ කල නොහැක.
එවැනි අවස්ථාවකදී එම සිසුන්ව වෙනත් පාසල් වෙත යොමු කළ යුතු අතර මෙම තත්ත්වය සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේම උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන අවස්ථා සඳහා ද අදාළ වන බව පවසයි.
විශේෂයෙන්ම, ගණිත විෂය අසමත් වී, තමන් අධ්‍යාපනය ලැබූ පාසලෙන්ම කලා විෂය ධාරාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට මෙම කොන්දේසි දැඩි බලපෑමක් ඇති කළ හැකි බවත් පෙනී යයි.