ගර්භනී මව්වරුන් ඇතුළු සැත්කම් කරන ඔබ අනතුරේ - සැත්කම මැදදීම ජීවිතයට හානි විය හැකියි

Report

සිසේරියන් සැත්කම් සදහා භාජනය වන ගර්භනී මව්වරුන්ට නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව යම් යම් සංකූලතා ඇතිවන අතර එය මැඩලීමට IV maxalon, iv ondencetrone ඖෂධය ලබා දේ.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

නමුත් රටේ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන් ප්‍රධාන පෙළේ රෝහල් රැසක එම ඖෂධය නොමැති වීම නිසා නිර්වින්දන ඖෂධ ලබාදීමෙන් පසුව ශල්‍යකර්ම අතරතුරදී යම් යම් ගැටළු හා සංකූලතා ඇතිවීමේ අවධානම ගැන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

අදනම් රටට එච්චර හොද කාලගුණයක් නෑ වැඩ කරද්දී පරිස්සම් වෙන්න

අදනම් රටට එච්චර හොද කාලගුණයක් නෑ වැඩ කරද්දී පරිස්සම් වෙන්න

නිර්වින්දනයෙන් පසුව රෝගීන්ගේ ආහාර මාර්ග පද්ධතියේ ආහාර කැබලි ශ්වසන පද්ධතියට ඇතුල් වී ශ්වසන අපහසුතා හා මරණීය තත්ත්වයක් දක්වා ඇති විය හැකිය.

එම තත්ත්වය මැඩලීමට aspiration එම තත්වය පාලනයට IV maxalon, iv ondencetrone ඖෂධය ලබා දේ.

නමුත් වර්තමානයේ ඖෂධ හිඟය හේතුවෙන් එම ඖෂධය භාවිතා නොකරම නිර්වින්දනය කර සැත්කම් කරන නමුත් මෙය අතිශය අවධානම් බවත් මෙම තත්ත්වය පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනම් අවධානය යොමු යුතු බව වෛද්‍යවරයා පැහැදිලි කරයි.

එමෙන්ම ප්‍රධාන පෙළේ රෝහල්වල භාවිතා කරන ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩ වන iv vancomycin, IV clarithomycine, IV merapenum හිඟයද නිසා රෝගීන්ට ඖෂධ ලබා දීමේදී ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීමට සිදුවීමෙන් විශාල මුදලක් වැය වන බවද වෛද්‍යවරයා පැහැදිලි කරයි.