අද මේ දිස්ත්‍රික්ක වල අය දැඩි අවධානයෙන් සිටින්න..නැතිනම් බයානක තත්ත්වයක්..

Sri Lanka Weather
By Aruna Apr 21, 2023 12:55 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේ දිස්ත්‍රික්ක 8ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, වයඹ, උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල හා මොණරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර දක්වා ඉහළ යා හැකි බවයි.

ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල අද දිනයේ සාමාන්‍ය උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන ආකාරයට උණුසුම ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔබ එළිමහනේ කටයුතු කරන අයෙක් නම් අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතුය.

ඊට අමතරව සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමට ද එළිමහනේ කටයුතු කරන පුද්ගලයින් කටයුතු කළ යුතුය.

ඔබ වැඩ බිම් තුළ සිටින අයෙක් නම් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුය.

නිවෙස් තුළ රැඳී සිටින වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ රඳවා නොයන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් බලධාරීන් ජනතාවට දැනුම් දෙයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
join now