ඉදිරි දින දෙකේ කාලගුණය ගැන දැනුම්දීමක්..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් සිටින්න..

Sri Lanka Weather
By Aruna Dec 22, 2022 01:58 AM GMT
Aruna

Aruna

Report

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි දින දෙක තුළ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ඊසාන දිග මුහුදු වෙරළ වෙත ළඟා වීමේ හැකියාවක් පවතිනු ඇති.

උතුරු, නැඟෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි යි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now