ඉදිරි පැය කිහිපයේ කාලගුණික තත්ත්වය ගැන දැනුම්දීමක්...මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන් සිටින්න..
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින 'මැන්ඩවුස්' චණ්ඩ සුළි කුණාටුව ඊයේ පස්වරු 11.30 වන විට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
මෙම පද්ධතිය බටහිරට බර ව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතිනු ඇති බවට යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
උතුරු පළාතේ නිරන්තර වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති වනු ඇති.
සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල විටින් විට වැසි ඇති විය හැකි අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද වාර්තා වනවා.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් (60-70) පමණ තද සුළං ද බලාපොරොත්තු විය හැකි යි.
මේ අතර ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර 150 සීමාව ඉක්මවා තිබේ.
ඒ අනුව හැකිතාක් මුඛ ආවරණ පළඳින ලෙසත්, නිවෙස් තුළට වී සිටින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |