අමුණක් කැඩී යාමෙන් ප්‍රධාන රෝහලක් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Sri Lanka Police Gampaha Western Province TN Weather Weather
By Aruna Jun 04, 2024 02:36 AM GMT
Aruna

Aruna

Report

අධික වර්ෂා තත්ත්වය සමග ගලා ආ මහා ජලකඳක් හේතුවෙන් කෙටවල අමුණ කැඩී ඇති බවට පුවතක් මේ වන විට වාර්තා වෙමින් පවත්නවා.

මේ හේතුවෙන් ගම්පහ නගරය ඇතුළු පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවයි පැවසෙන්නේ.

අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට දැනුම්දීමක්..

අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්..ජනතාවට දැනුම්දීමක්..


දුම්රිය මගීන් පවසන්නේ, දුම්රිය මාර්ගය අවට ද ජලයෙන් යටවී ඇති අතර දුම්රිය ප්‍රමාදයක් ද පවතින බවයි.

මේ අතර, ගම්පහ රෝහල අවට අඩි කීපයකින් ජලයෙන් යටවීම නිසා අවට පදිංචිකරුවන් දැඩි අපහසු තාවයට ද පත් ඇතැයි දැනගන්නට ලැබේ.

ගම්පහ යක්කල මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනා ගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩපන වී තිබේ.

අද පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට පමණයි..

අද පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට පමණයි..


මෙලෙස මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha