ඉදිරි පැය 12 තීරණාත්මකයි... දැඩි අවධානයෙන් සිටින්න..ජනතාවට විශේෂ දැනුම් දීමක්..
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඌව සහ නැගෙනහිර පළාත් වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 02.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්ක සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර් හතළිහක් පමණ දක්වා වැඩි විය හැකි බවටයි කාළගුන විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
මේ අතර ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ඊයේ පස්වරු 11.30 පමණ වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් දූපත් මුහුදු ප්‍රදේශයට ආසන්නව කේන්ද්‍රගතව පවතින බවයි අද දින නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
එම අඩුපීඩන පද්ධතිය අන්දමන් දූපත් ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඉදිරි පැය 12 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් බවට සහ ඊළඟ පැය 12 තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවේ සඳහන්.
මේ හේතුවෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 07ත් 16 ත් අතර සහ නැගෙනහිර දේශාංශ 90 ත් 99 ත් අතර ගිනිකොන සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා යාත්‍රා නොකරන ලෙසටයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි අනාවැකි පිළිබඳවද දැඩි අවධානයකින් සිටින ලෙසත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |