අද ඇඟට දැනෙන දෙයක් වෙන්න යයි - මේ ගැනත් ඔබ දැනුවත් ද?.
By krishani
අද (04) වයඹ, බස්නාහිර, දකුණ, සබරගමුව යන පළාත්වල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇත.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එමෙන්ම අනුරාධපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලට ද මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කරයි.
කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.
මේ අතර, වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ වියළි කාලගුණ තත්ත්වය හමුවේ වාරි ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කරන ලෙසටයි.