හවස් යාමේ මොකක්ද මේ වෙනවා කියන්නේ?. පරිස්සමෙන්.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් මෙන්න..

Report

අද (27) සවස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පොකට් එකට දැනෙන්නම ද?.. එළවළු මිලට වුණ දෙය මෙන්න..

පොකට් එකට දැනෙන්නම ද?.. එළවළු මිලට වුණ දෙය මෙන්න..


එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද සඳහන් වේ.

ඝාතනයකට කුරුමානම් අල්ලමින් සිටි අයෙක්ට වැඩ වැරදෙයි.. කොන්ත්‍රාත්තුව විතරක් බර ගාණක්..

ඝාතනයකට කුරුමානම් අල්ලමින් සිටි අයෙක්ට වැඩ වැරදෙයි.. කොන්ත්‍රාත්තුව විතරක් බර ගාණක්..


එමෙන්ම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තදසුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක් වේ.

කෙසේ වෙතත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.