හෙට සිට වැසි තත්ත්වයේ නොහිතපු වෙනසක්?. මේ ඒ ගැනයි..

Report

හෙට (27) සිට වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සිදු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

හෙට සිට වැසි තත්ත්වයේ නොහිතපු වෙනසක්?. මේ ඒ ගැනයි.. | Weather In Sri Lanka 27Th May 2024

ඒ අනුව හෙට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

එමෙන්ම, සබරගමුව පළාතේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

අද දිනයේ දී ද මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං පැවතියේ ය.

අද රෑ හරියටම 11.30 වෙද්දී ඒ වෙනවා කීව දෙය වෙයි ද?. ඇස් රතු වෙන එම ආරංචිය මෙන්න..

අද රෑ හරියටම 11.30 වෙද්දී ඒ වෙනවා කීව දෙය වෙයි ද?. ඇස් රතු වෙන එම ආරංචිය මෙන්න..


ඊයේ පෙරවරු 8.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ දී දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ කළුපහන ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ මිලිමීටර් 87ක වර්ෂාපතනයක් ය.

කෙසේ වෙතත්, මෝසම් වැසි තත්ත්වය ලබන සැප්තැම්බර් මාසය දක්වා පවතින බැවින්, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අඩු වැඩි වශයෙන් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා කියා සිටියේ ය.