ලොකුවටම වෙන්නයි යන්නේ - හෙට එළියට බහින්න කලින් මේ ගැනත් දැනගෙන ඉන්න වෙයි..

Report

හෙට (23) බස්නාහිර, සබරගමුව පළාත්වලටත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය.

ලොකුවටම වෙන්නයි යන්නේ - හෙට එළියට බහින්න කලින් මේ ගැනත් දැනගෙන ඉන්න වෙයි.. | Weather In Sri Lanka 23Rd June 2024

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම වයඹ පළාත, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

තව ද, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ ය.

මේ අතර, අද (22) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..

අනෙ අම්මෝ මෙහෙම කැත වැඩක් නම්.. ඔයත් මෙන්න මේකට අහු වුණා ද කියලා දැන්ම බලන්න..


එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන් විය.