අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්..සුළගෙත් වැඩි වීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.

Report

අද (ජනවාරි මස 18) දිනසිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් දැනුම්දීමක් කර තිබෙනවා.

මේ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අද ලග්න 06කට දියුණුවේ රන් දොරටු ඇරෙන දවසක්..ලග්න 04ක අය පරිස්සම් වන්න.(VIDEO)

අද ලග්න 06කට දියුණුවේ රන් දොරටු ඇරෙන දවසක්..ලග්න 04ක අය පරිස්සම් වන්න.(VIDEO)


ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන් වේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහමොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ලබන 19 වනදා කරන්න යන විශේෂ දේ..මේ ගැන අවධානයෙන් ඉන්න..

ලබන 19 වනදා කරන්න යන විශේෂ දේ..මේ ගැන අවධානයෙන් ඉන්න..


බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video