අපි 30 වෘත්තීය ක්‍රියාමාර්ගයට නැහැ - මේ රාජ්‍ය සේවකයන්ගෙන් හදිසි තීරණයක් - හේතුව මෙන්න
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය, නොවැම්බර් මස 30 වැනි දින ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට තීරණය කළ බව සඳහන් කරයි.
ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඍජු සාකච්ඡාවක් ඉදිරි සති දෙකක කාලසීමව තුළදී ලබාදීමට අවශ්‍ය කටයුතු සංවිධාන කරදීමට කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් එකඟත්වය පළ කර තිබීම බව සඳහන්.
එබැවින් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ නොවැම්බර් මස 30 වැනි දින සාමාන්‍ය ආකාරයට සිය රාජකාරි කටයුතුවල නිරත වන ලෙසයි.
එමෙන්ම ඔවුන් අවධාරණය කර ඇත්තේ සිය සංගමයේ සාමාජිකයින්ට ලබා ගත යුතු වෘත්තීය දීමනා, ප්‍රවාහන දීමනා ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගනු ලබන ඉහළම මට්ටමේ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා මාර්ගයෙන් සාධනීය හා ස්ථිරසාර විසඳුමක් ලබා ගත යුතු බව තමන් දැඩිව විශ්වාස කරන බවයි.
මේ අතර ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය වැඩිදුරටත් අවධාරණය කළේ 2027 අයවැය යෝජනා මඟින් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණි අතර නිර්මාණය වී ඇති දීමනා විෂමතාවය නිවැරදි කර ගැනීම සහ අප සංගමයේ සාමාජිකයින්ගේ සාධාරණ වෘත්තීය හා ආර්ථික ඉල්ලීම් දිනා ගැනීම උදෙසා සිය සංගමය විසින් අඛණ්ඩව රජයේ බලධාරින් සමඟ සාකච්ඡා කරමින් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවයි.