සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ නගරාධිපතිගෙන් පහරකෑ තරුණයා පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත් රෝහලට - තරුණයාව රිමාන්ඩ් කිරීමටත් නියෝග [UPDATE]

Report

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම මහ නගර සභාවේ නගරාධිපති රින්සාඩ් අහමඩ්ගේ පහර කෑමට ලක්ව රෝහල්ගතව සිටින තරුණයාව පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් රෝහලට පැමිණ අද (28) දින පරීක්ෂා කළ බව වාර්තා විය.

ඉන් අනතුරුව අඳාළ තරුණයාව ලබන 30 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර ඇත.

ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ නගරාධිපතිවරයා පුත්තලම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව බව සඳහන්.

පුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ

පුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ

ඊයේ පස්වරුවේ පුත්තලම - කොළඹ මාර්ගයේ තිල්අඩිය ප්‍රදේශයට පුත්තලම මහ නගර සභාවේ නගරාධිපති රින්සාඩ් අහමඩ් කැබ් රථයකින් පැමිණ තිබුණ අතර එහිදී එම මාර්ගයේ වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග යාමත් සමඟ නගරාධිපතිවරයා සහ පළතුරු වෙළඳාමේ නිරත තරුණයෙකු අතර ගැටුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබුණ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරාම සංසරණය විය.

එබැවින් සිද්ධිය පිළිබඳව පුත්තලම පොලිසියෙන් කළ විමසීමකදී එහි ස්ථානාධිපතිවරයා සඳහන් ක‍ර ඇත්තේ තරුණයෙකු පහරදී සිය රථයට අලාභ හානි කළ බවට පුත්තලම නගරාධිපතිවරයා පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවයි.

එබැවින් අඳාළ තරුණයා අත්අඩංගුවට ගත් බව ද ඔවුන් කියා සිටි බව සඳහන්.

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026

ලග්න පලාපල – නොවැම්බර් 28 සෙනසුරාදා 2026