ඇෆ්ගනිස්ථාන පාසලක පිපිරීමක් - සිසුන් කිහිපදෙනෙකුට අනතුරු සිදුවූ බවට සැකයක්
ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර කුනාර් ප්‍රාන්තයේ මධ්‍යම පාසලක සිදුවූ පිපිරීමකින් සිසුන් කිහිපදෙනෙකු මියගොස් හෝ තුවාල ලබා ඇති බවට වාර්තා වේ.
කුනාර් ප්‍රාන්ත පොලිස් මූලස්ථානයේ ප්‍රකාශක ෆරීඩ් දෙහ්කාන් සඳහන් කර ඇත්තේ, අද (28) පෙරවරු 10ට පමණ ප්‍රාන්තයේ අන්දර් සේර් ප්‍රදේශයේ පිහිටි පාසලක මෙම පිපිරීම සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, පිපිරීමට හේතුව හෝ ඉන් සිදුවූ නිශ්චිත ජීවිත හානි සහ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
පාකිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි කුනාර් ප්‍රාන්තයේ විමර්ශන කණ්ඩායම් මේ වන විට සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පොලිස් ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
මීට පෙර අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පාසල් සංකීර්ණයකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් වයස අවුරුදු 9ත් 14ත් අතර ළමුන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි.