ලංකාවම ගොඩ යන පුදුම හිතෙන සොයා ගැනීමක් - රටම පුදුම කරමින් 3D වලින් කෑම හදන සුපිරි ක්‍රමයක්
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන අංශය සුවිශේෂී පර්යේෂණයක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ දේශීය ආහාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය (3D Food Printing) හරහා ආහාර නිෂ්පාදනය කිරීම පිළිබඳවයි.
අඳාළ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශලා වෙදමුල්ල, මහාචාර්ය ජනක විජයසිංහ සහ සිසු ගයාත්මා වීරවර්ණ ඇතුළු පිරිසක් එක්ව මෙම පර්යේෂණය සිදු කර ඇති බව සඳහන්.
මෙම තාක්ෂණය ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදවලට මෙන්ම පෝෂණ ඌනතාවලට විසඳුම් සෙවීමේදී වැදගත් වන බව සඳහන්.
ආකලන නිෂ්පාදනය වශයෙන් හැඳින්වෙන මෙම ක්‍රමවේදය සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියෙන් වෙනස් වූ නවීන තාක්ෂණික ක්‍රමවේදයක් වන අතර මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශලා වෙදමුල්ල මහතා අදහස් දක්වා ඇත.
''මෙහිදී කෘතිම බුද්ධිය, අන්තර්ජාලය හා සම්බන්ධ උපකරණ, රොබෝ තාක්ෂණය වැනි විශේෂිත හා නවීන තාක්ෂණයන් යොදා ගන්නවා. මේ තාක්ෂණයන් අතර විශේෂ තැනක් ත්‍රිමාණ මුද්‍රණයට ලැබී තියෙනවා. අපි කවුරුත් දන්නවා ත්‍රිමාණ මුද්‍රණය මේ තාක්ෂණයම අපිට ආහාර නිෂ්පාදනයට යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක තමා අපි ත්‍රිඩී ෆුඩ් ප්‍රින්ටින් කියලා හඳුන්වන්නේ. ත්‍රිමාණ ආහාර නිෂ්පාදනයේදී භාවිතා කරන මේ ඉන්ක් එක එහෙම නැත්නම් තීන්ත අපි ෆුඩ් ඉන්ක් කියලා හඳුන්වනවා. ෆුඩ් ඉන්ක් කියලා කිව්වට මේ ගැන බිය වෙන්න ඕනේ නැහැ. මොකද අපි මේ සඳහා භාවිතා කරන්නේ සාමාන්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිතා කරන අමුද්‍රව්‍ය. මේකට අපිට ආහාරයේ වයනය වෙනස් කිරීමක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටකට අපිට මේක වැදගත් වෙන්නේ අපේ ස්වාභාවික ආහාර අමුද්‍රව්‍ය යොදා ගැනීමේ අවස්ථාවක් ලැබෙනවා. වට්ටක්කා, ඒ වගේම කොස් ඇට, මේ වගේ ඒවා කාලෙකට විතරක් හැදෙන නිසා විශාල වශයෙන් අපතේ යනවා. මේකට විසඳුමක් වශයෙන් අපි කොස් ඇට වලින් පිටි නිෂ්පාදනය කරලා ඒකෙන් ත්‍රිමාණ ආහාර මුද්‍රණය කිරීම පිළිබඳව පර්යේෂණ කරගෙන යනවා. එතකොට කොස් ඇට පිටි වලට අමතරව අපි අලුතෙන් පර්යේෂණයක් සිදු කරගෙන යනවා. අපි ඊට බහුලව දක්නට ලැබෙනවා බතල. එතකොට පැහැදිලියි අපිට මේ දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් මේ තාක්ෂණය සඳහා වූ ආහාර තීන්ත නිෂ්පාදනය කිරීමට වැඩි ඉඩකඩක් ලැබෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් තමා ලංකාව කියන්නේ සංචාරකයන් බහුලව පැමිණෙන රටක්. එතකොට මේ රට තුළ අපිට සංචාරකයන්ට අපේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් එයාලා කැමති හැඩයකට, නැත්නම් සීගිරි හැඩයකට වෙන්න පුළුවන්, නැත්නම් අපිට පොළොන්නරුව වගේ එහෙම තියෙන ඕනෑම තැනක ඒ හැඩයකට වෙන්න පුළුවන්, අපේ ශ්‍රී ලංකා අනන්‍යතාවය වැඩි දියුණු කරගනිමින් විවිධ හැඩවලට ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාව මේ තාක්ෂණය මඟින් ලැබෙනවා. දැන් අපි මීට අමතරව විශේෂයෙන්ම ළමුන් සඳහා, ළමුන් සඳහා ආකර්ෂණීය හා පෝෂණයෙන් ඉහළ ආහාර ද්‍රව්‍යයක්, ගිලීමේ අපහසුතාවය ඇති වැඩිහිටියන් සඳහා මෘදු ආහාර වර්ගයක්, ඒ වගේම විශේෂ රෝග තත්ත්වයන්ට ගැලපෙන විදිහට ආහාර නිෂ්පාදනය කිරීමේ හැකියාවක් මේ මඟින් ලැබෙනවා.''