ඉන්දීය අගමැති මෝදි සහ විජිත හේරත් අතර හමුවක් - IORA රැස්වීමටත් එක්වෙයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ඉන්දියානු සාගර වටා පිහිටි රටවල සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වී තිබේ.
පසුගිය නොවැම්බර් 27 වැනිදා පැවති මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය ලබාදී ඇත්තේ අමාත්‍ය විජිත හේරත් මහතා විසිනි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර හමුවක් නවදිල්ලයේදී පවත්වා තිබේ. 2023 සිට 2025 දක්වා කාලය තුළ IORA සංගමයේ සභාපතිත්වය දැරූ ශ්‍රී ලංකාව, මෙවර රැස්වීමට සහභාගී වී ඇත්තේ එහි හිටපු සභාපති රට ලෙස සහ සාමාජික රටවල් තුනකින් සමන්විත ට්‍රොයිකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසය.
ඉන්දියාව වත්මන් සභාපතිත්වය දරන අතර මොරිෂස් රාජ්‍යය උප සභාපතිත්වය දරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ඉන්දියාවේ සභාපතිත්ව තේමාව වන “නවෝත්පාදනය, විවෘතභාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය වීම” යන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.
2031 වන විට ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමක් - තාක්ෂණය සමඟ ඉදිරියට යන ත්‍රිවිධ හමුදාවක්
එහිදී 2025 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ සභාපතිත්වය යටතේ පැවති 24 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කරගත් කොළඹ ප්රකාශනයෙන් පසු ලබා ඇති ප්‍රගතිය ද සමාලෝචනය කර ඇත. හිටපු සභාපති රට නියෝජනය කරමින් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා, කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා හවුල්කාරිත්වයන්හි වැදගත්කම අවධාරණය කර තිබේ.
එමෙන්ම, සමුද්‍රීය ආරක්ෂාව, ධීවර කළමනාකරණය සහ ආපදා ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සම්බන්ධ සහයෝගීතාවන් කලාපයේ ජනතාවට ප්‍රායෝගික ප්රතිලාභ ලබාදෙන වැඩපිළිවෙළක් බවට පත්විය යුතු බවද ඔහු පෙන්වා දී ඇත.
ඉන්දියානු සාගර කලාපය මුහුණ දෙන සංකීර්ණ අභියෝගවලට මුහුණදීම සඳහා සාමාජික රටවල් අතර අඛණ්ඩ කැපවීම, ප්‍රායෝගික සහයෝගීතාව සහ පොදු වගකීමක් අවශ්‍ය බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. මේ අතර, රැස්වීමට සහභාගී වූ අමාත්‍යවරුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද හමුවී තිබේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර නොවැම්බර් 25 සහ 26 යන දිනවල පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීමේදී ද සංගමයේ කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කර
තිබේ.
ශ්‍රී ලංකාව සමුද්‍රීය ආරක්ෂාව සහ ධීවර කළමනාකරණය යන ප්‍රමුඛතා ක්ෂේත්‍ර දෙකෙහි සම්බන්ධීකරණ රට ලෙස ද IORA සංගමය තුළ ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
තවද, මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දියාවේ සහ මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර, සිංගප්පූරුවේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් සමඟ ද අදහස් හුවමාරු කරගෙන තිබේ.