වරාය පිවිසුම් අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට වැදගත් දැනුම්දීමක්- බලපත්‍ර නැති වාහනවලට මොකද වෙන්නේ?
By Kanchana
වරාය පිවිසුම් අධිවේගී මාර්ගය එළඹෙන දෙසැම්බර් 1 වැනිදා සිට බලපත්‍ර හිමි වාහන සඳහා පමණක් විවෘත කිරීමට තීරණය කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, කොළඹ වරායට ඇතුළුවීම සඳහා නිසි අවසරය සහිත වාහනවලට පමණක් එදින සිට මෙම අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවස්ථාව හිමිවන බවයි.
ඒ අනුව, සාමාන්‍ය රථවාහන ගමනාගමනය සඳහා මෙම මාර්ගය භාවිත කිරීමට අවස්ථාව හිමි නොවන අතර, වරාය කටයුතු සඳහා බලපත්‍ර ලබාගෙන ඇති වාහනවලට පමණක් එහි ප්‍රවේශය සීමා කෙරේ.
මෙම තීරණයත් සමඟ දෙසැම්බර් 1 වැනිදා සිට අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් සිය වාහන සඳහා අවශ්‍ය අවසර සහ බලපත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වේ.