දිස්ත්‍රික්ක රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් - අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව මෙන්න

Report

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

අද (28) පස්වරු 4.00 සිට හෙට (29) පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලාත්මක වන බව එම සංවිධානය නිවේදනය කරයි.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නිල්දණ්ඩාහින්න හා හඟුරක්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.

එමෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, තුම්පනේ, හතරලියද්ද, උඩපළාත, ගඟ ඉහළ කෝරළය, දොළුව සහ උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද ඒ අතරට අයත් වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, බුලත්කොහුපිටිය, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට සහ රඹුක්කන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද විමසිලිමත් වන ලෙස දැනුම් දී තිබේ.

මීට අමතරව, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව කෝරළය සහ තලවකැලේ යන ප්‍රදේශ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

අදාළ ප්‍රදේශවල ජනතාව නායයෑම් අවදානම් ලක්ෂණ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දී තිබේ.

ඉදිරි පැය 36ට වැසි අනාවැකියක් - වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න

ඉදිරි පැය 36ට වැසි අනාවැකියක් - වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න

GalleryGallery