මේ ගැසට් රෙගුලාසි උල්ලංඝනය කළොත් අත්අඩංගුවට - ආරක්ෂක ඇමතිගෙන් රතු එළියක්
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට සඳහන් කර ඇත්තේ අනුස්මරණ උත්සවවලදී හිටපු එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මන්නාරම සහ මුලතිව් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉකුත් සතිය පුරා උතුරේ පැවති සැමරුම් පොලිසිය සමීපව නිරීක්ෂණය කළ බවත්, අදාළ ගැසට් රෙගුලාසි උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිමය පියවර ගත් බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා ඇත.
එසේම අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු එල්ටීටීඊ සාමාජික තිලීපන්ගේ රූප ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.
එමෙන්ම උතුරේ, නැගෙනහිර හෝ දකුණේ ජීවත් වූවාද යන්න නොසලකා තම මියගිය ඥාතීන් සිහිපත් කිරීමට රජය ඉඩ දී ඇති බව ඔහු අවධාරණය කළ තහනම් කරන ලද එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කරන කිසිදු ක්‍රියාකාරකමක් සඳහා අවසර නොදෙන බවත් ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මෑත කාලීන සිදුවීම් ලෙස විදේශයන්හි පැවති සැමරුම්වල ඇතැම් පැරණි ඡායාරූප සහ රූප සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන බවට ද අමාත්‍යවරයා චෝදනා කර ඇත.