මිරිස්ස වෙරළ කළඹමින් මත්ද්‍රව්‍ය බවට සැක මළු 10කට වැඩියෙන් නිලධාරීන් භාරයට - කාන්තාවකුත් අත්අඩංගුවට
By Kaushi
නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මිරිස්ස වෙරළ ප්‍රදේශයේදී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන මළු 10කට වැඩි ප්‍රමාණයක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (28) දින මිරිස්ස පොල්අතුමෝදර වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් ලබා දී තිබූ බුද්ධි තොරතුරක් මත නාවික වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව එක්ව මෙහෙයුමක් දියත් කර තිබුණා.
එම අවස්ථාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත.
එසේම ඒ සමඟම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා ලද වාහන දෙකක්ද සිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
තවද නාවික හමුදාව සඳහන් කළේ සිද්ධිය සම්බන්ධව කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.