රට පුරා කාලගුණය වෙනස් වෙයි..හැමෝම මේ ගැන දැනුවත් වන්න..

Report

දින කීපයක් තිස්සේ පැවැති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හෙට (02 වැනිදා) දිනයෙන් පසු මුළුමනින්ම පහවී යනු ඇතැයි විශ්වාස කරන බව කාලගුණ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසනවා.

කෙසේ වෙතත් 2 වැනිදායින් පසුවද බස්නාහිර සබරගමුව, දකුණු පළාත්වලට සවස් භාගයේදී වැසි අපේක්ෂා කරන බවයි ඒ මහතා කියා සිටියේ.

අලුත් මාසෙ ඔබේ ලග්නෙට කොහොමද..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න..සියලු විස්තර මෙතනින් දැනගන්න..

අලුත් මාසෙ ඔබේ ලග්නෙට කොහොමද..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න..සියලු විස්තර මෙතනින් දැනගන්න..


එසේම මේ වනවිට ඊසාන දිග මෝසම සක්‍රීය වී ඇති බවත්, නැඟෙනහිර පළාතට විටින් විට වැසි ඇතිවිය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

හෙතෙම වැඩිදුරටත් පැවසුවේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි.

මේ අතර, උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව දන්වා ඇත.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ෆෙන්ගල් සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින ප.ව. 11.30 වනවිට උතුරු තමිල්නාඩු – පුදුචේරි වෙරළ තීරය හරහා ගමන් කරමින් ඉන්දියාව තුළට ඇතුළු වී ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

සාමාන්‍ය විදියට වාහන ආනයනය කරන්න යයි..වාහන ගන්න ජනතාව ලක්ෂ ගණන් සල්ලි දීල පෝලිම් ගැසෙයි.

සාමාන්‍ය විදියට වාහන ආනයනය කරන්න යයි..වාහන ගන්න ජනතාව ලක්ෂ ගණන් සල්ලි දීල පෝලිම් ගැසෙයි.


එය ඉදිරි පැය 3 තුළදී බටහිර-නිරිත දෙසට සෙමින් ගමන් කර ක්‍රමයෙන් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වීමට ඉඩ ඇති අතර එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

You May Like This Video