සාමාන්‍ය විදියට වාහන ආනයනය කරන්න යයි..වාහන ගන්න ජනතාව ලක්ෂ ගණන් සල්ලි දීල පෝලිම් ගැසෙයි.
2025 අප්‍රේල් මාසයේ සිට සාමාන්‍ය පරිදි ආනයනය කිරීමටත් අත්‍යවශ්‍ය වාහන පෙබරවාරි මාසයේ සිට ආනයනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.
එහිදී රජයේ වැඩි අවධානය යොමුව ඇත්තේ පෞද්ගලික වාහන ආනයනය කිරීමේ දී විද්‍යුත් සහ දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛත්වය දීමට බවයි පැවසෙන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..අඩු කළයුතු මිල ගණන් ගැනත් කලින්ම කියයි..රුපියල් 50කින් අඩු කරයි?..
මේ අතර වාහන ආනයනය කර දෙන බවට එක්තරා පෞද්ගලික සමාගමක් මේ වන විට මුදල් අත්තිකාරම් ලබා ගෙන ඇති බවයි, වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
ඒ අනුව පාරිභෝගිකයන් 1,700 කගෙන් පමණ මෙම සමාගම රුපියල් ලක්ෂ ගණනින් මුදල් අත්තිකාරම් ගෙන ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.
එම සංගමය මේ බව සදහන් කර ඇත්තේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලිපියක් ද යොමු කරමිනි.
You May Like This Video