අද වැස්ස වැඩි වන ප්‍රදේශ ගැන දැනුම් දීමක්..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Nov 02, 2024 01:33 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

අද මේ ලග්න වල අයගේ මුදල් පසුම්බිය හිස් වන යෝගයක්..කල්පනාවෙන් වැඩ කරන්න..

අද මේ ලග්න වල අයගේ මුදල් පසුම්බිය හිස් වන යෝගයක්..කල්පනාවෙන් වැඩ කරන්න..


මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ReeCha