අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්.. යළි මේ ප්‍රදේශ වලට වැස්ස වැඩි වෙයි.

Report

දකුණු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ සතියෙ ඉතාමත් කල්පනාකාරීව වැඩකළ යුතු සතියක්..මේෂ,මිථුන,කටක,කන්‍යා,කුම්භ සහ මීන ලග්න වලට අයට රතු එළියක්.

මේ සතියෙ ඉතාමත් කල්පනාකාරීව වැඩකළ යුතු සතියක්..මේෂ,මිථුන,කටක,කන්‍යා,කුම්භ සහ මීන ලග්න වලට අයට රතු එළියක්.


මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී.50ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.