අහස කැළඹීමෙන් පුද්ගලයින් 17ක් මියයයි..

Report

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ ගණන මේ වනවිට 17ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවට වාර්තා වනවා.

ඒ, අනුව මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 01ක් වාර්තා වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙන්නේ.

විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..ඇමතිගෙන් දැනුම්දීමක්..

විදුලි ගාස්තු සංශෝධනය ගැන අලුත්ම ආරංචිය මෙන්න..ඇමතිගෙන් දැනුම්දීමක්..


මේ අතර දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙක් පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව තිබෙනවා.

මේ අතර කැළණි, කළු, ගිං ගංගා තවදුරටත් පිටාර ගලමින් පවතින අතර, අත්තනගලු ඔය ද පිටාර ගලමින් පවතින බවටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියේ.

මේ හේතුවෙන් ගම්පහ සහ කඩුවෙල නගර ද ඊයේ (03) රාත්‍රී ජලයෙන් යට වී තිබෙන බවට වාර්තාවනවා.

ශ්‍රී ලංකා පළමු තරගය පරාජය වීමට හේතුව කියයි..

ශ්‍රී ලංකා පළමු තරගය පරාජය වීමට හේතුව කියයි..


එමෙන්ම නිල්වලා ගංඟා ද්‍රෝණියේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පවතින ගංවතුර ආරක්ෂණ බැම්ම උතුරා යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තව දුරටත් ප්‍රකාශ කර තිබුණේ.