කාවන්තිස්සව මැරුණට පස්සෙත් විකුණන් කාලද? රටම කම්පා කළ ඇතුගේ මරණය පිටුපසත් ජාවාරමක්.. බරපතළ හෙළිදරව්වක්

Report

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා, ශ්‍රී ලංකාවේ වනජීවීන්ට සිදුකරන වෛද්‍ය ප්‍රතිකාර සහ වනසතුන්ගේ දර්ශන උපයෝගී කරගනිමින් විදේශාධාර සහ ඩොලර් උපයන සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී තිබෙන බවත්, මෑතකදී මියගිය ‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය පිටුපස ද එවැනි කුමන්ත්‍රණකාරී තත්ත්වයක් පැවතියේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔස්සේ පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවත් හෙළි කර ඇති බව සඳහන්.

ඔහු මේ බව කියා ඇත්තේ රූපවාහිනියේ විකාශය වූ 'මහජන දිනය' වැඩසටහනට එක්වෙමින්. එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් ද සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ජාවාරම ඔස්සේ, වනසතුන්ට ප්‍රතිකාර කරන ආකාරය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා ඔස්සේ විකාශය කරමින් මූල්‍යමය වාසි ලබාගන්නා බවට බරපතළ චෝදනා එල්ල වී ඇති බව ද එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් බව සඳහන්.

ලිට්‍රෝ ගෑස් ගන්න ටෝකන්.. ගෑස් හිඟයෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයක - උදෑසන 10 සිට පෝලිම්වල

ලිට්‍රෝ ගෑස් ගන්න ටෝකන්.. ගෑස් හිඟයෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයක - උදෑසන 10 සිට පෝලිම්වල

එමෙන්ම ඇතැම් පාර්ශවයන් වනජීවී නිලධාරීන්ට පවා කැමරා උපකරණ සපයමින් මෙම දර්ශන ලබාගෙන, ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස්ගත අන්තර්ගත නිර්මාණකරුවන් වෙත විකුණා මුදල් උපයන බව ද අනාවරණය වී ඇත.

ඊට අමතරව විශේෂයෙන්ම, වනජීවීන් රැකගැනීමේ සහ සතුන්ට ප්‍රතිකාර කිරීමේ මුවාවෙන් අදාළ යූටියුබ් වීඩියෝවලට 'ඩොනේෂන් ලින්ක්ස්' ඇතුළත් කර විදේශිකයන්ගෙන් ඩොලර් ආධාර ලබාගෙන ඒවා සිය පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කරගැනීමේ වංචාවක් සිදුවන බව පෙන්වා දුන් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා, මේ පිළිබඳව අවධානය යොමුවීමත් සමඟ අදාළ නාලිකා මඟින් එම ලින්ක්ස් ඉවත් කරගැනීමට කටයුතු කර තිබෙන බව ද පවසා ඇති බව සඳහන්.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ප්‍රතිකාර, ඖෂධ සහ වාහන පහසුකම් වෙනුවෙන් රජයෙන් වෙන්කළ විශේෂ අරමුදලක් පවතින බව අවධාරණය කළ ඔහු සතුන්ට ප්‍රතිකාර කිරීමට රජය හෝ වනජීවී දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක මහජනතාවගෙන් හෝ විදේශිකයන්ගෙන් පෞද්ගලිකව මුදල් එක්රැස් නොකරන බව ද පැහැදිලි කර ඇත.

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

එමෙන්ම කාවන්තිස්ස ඇතාගේ අවාසනාවන්ත මරණය පිටුපස මෙවැනි ජාවාරම්කාරී කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියා කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා ඇත්තේ, එම සැකය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි බවයි.

තවද ඩොලර් ලබාගැනීමේ අරමුණින් වනසතුන්ට හිතාමතා වෙඩි තැබීම් හෝ ප්‍රතිකාර ක්‍රියාවලීන් කඩාකප්පල් කිරීමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව දැඩි අවධානය යොමුව තිබෙන බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත් බවත් ඔහු කියා ඇති බව වාර්තා වේ.

මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා ඇත්තේ රජය විසින් වනජීවී ක්ෂේත්‍රයේ සිදුවන මෙවැනි අක්‍රමිකතා නියාමනය කර නිසි ක්‍රමවේදයකට ගෙන ඒමට සූදානම් වන විට, සිය හොර ජාවාරම අහිමි වේ යැයි බියෙන් කලබලයට පත්ව සිටින පිරිස් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය, ද්වේෂසහගත සහ මහජනතාව නොමග යවන සුළු ව්‍යාජ ප්‍රචාර පතුරුවමින් සිටින බවයි.

සා.පෙළ ලියූ මේ සිසුන්ට සුබම සුබ ආරංචියක් - ඔක්තෝබර් 27 වැනිදා සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා විශේෂ නිවේදනයක්

සා.පෙළ ලියූ මේ සිසුන්ට සුබම සුබ ආරංචියක් - ඔක්තෝබර් 27 වැනිදා සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා විශේෂ නිවේදනයක්