අද සිට වැස්ස යළි වැඩි වෙයි..ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

Report

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (02) දිනයේත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

තරුණයින් පිස්සු වැටෙන රුවක් ඇති රශ්මිකා ගේ තවත් වීඩියෝවක් ලීක් වෙලා..?

තරුණයින් පිස්සු වැටෙන රුවක් ඇති රශ්මිකා ගේ තවත් වීඩියෝවක් ලීක් වෙලා..?


ඊට අමතරව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේවෙතත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

20T ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ කණගාටුදායක ඉරණම මෙන්න..

20T ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ කණගාටුදායක ඉරණම මෙන්න..


මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙන්නේ, කළු ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කුරුවිට, අයගම, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ සහ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය කිහිපය තුළ ගංවතුර අවදානමක් පවතින බවයි.