රට පුරා ප්‍රදේශ රැසකට අදත් මහ වැසි..සුළගින් සහ අකුණු වලින් ආරක්ෂා වන්න..

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට අද (01) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව පවසන්නේ, අද දිනයේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

රට පුරා ගම් 14000ක වැඩි ප්‍රමාණයක තවමත් නොවිසිඳුනු ගැටව මෙන්න.

රට පුරා ගම් 14000ක වැඩි ප්‍රමාණයක තවමත් නොවිසිඳුනු ගැටව මෙන්න.


මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිමේ හැකියාව පවතින බව දන්වා ඇත.

ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද ලග්න කිහිපයකට සතුටින් ඉන්න පුලුවන් දිනයක්..වාසනා චක්‍රය උරගා බලන්නත් අවස්ථාවක්..

අද ලග්න කිහිපයකට සතුටින් ඉන්න පුලුවන් දිනයක්..වාසනා චක්‍රය උරගා බලන්නත් අවස්ථාවක්..


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.