රට පුරා ගම් 14000ක වැඩි ප්‍රමාණයක තවමත් නොවිසිඳුනු ගැටව මෙන්න.

Report

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව පිළිගත නොහැකි බවත්, ඊට එරෙහිව තවදුරටත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැළී සිටීමට ග්‍රාම නිලධාරින් තීරණය කර ඇති බවත්, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.

අද ලග්න කිහිපයකට සතුටින් ඉන්න පුලුවන් දිනයක්..වාසනා චක්‍රය උරගා බලන්නත් අවස්ථාවක්..

අද ලග්න කිහිපයකට සතුටින් ඉන්න පුලුවන් දිනයක්..වාසනා චක්‍රය උරගා බලන්නත් අවස්ථාවක්..


රජයේ පරිපාලන නිලධාරින් විසින් කෙටුම්පත් කරන ලද අදාළ සේවා ව්‍යවස්ථාව සඳහා පසුගිය 13 වැනිදා අනුමැතිය ලබා දී ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය චෝදනා කරන්නේ, එලෙස අනුමැතිය සඳහා යොමු කර ඇති කෙටුම්පතෙහි ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති නියෝජිතයන් ඉදිරිපත් කරන ලද එකදු යෝජනාවක් හෝ එහි අන්තර්ගත වී නොමැති බවයි.

ඒ අනුව, සිය රාජකාරි ලැයිස්තුවේ මැතිවරණ කටයුතු ඇතුළු බොහොමයක් කාරණා පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවයි, එම සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ.

කෙසේ වෙතත් ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති නියෝජිතයන් කෙටුම්පත් කරන ලද සේවා ව්‍යවස්ථාව සහ අනිකුත් ගැටලු පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට ලබන ජුනි 03 වැනිදා ලිඛිතව භාරදෙන ලෙස පසුගිය 28 වැනිදා සිය සංගමයට දැනුම් දී ඇත.

අදත් රට පුරා පාසල් වලින් ඇසෙන ආරංචිය මෙන්න..

අදත් රට පුරා පාසල් වලින් ඇසෙන ආරංචිය මෙන්න..


මේ සඳහා ප්‍රයෝගිකව පිළිතුරක් ලැබෙන තුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව, ඔවුන් මේ වන විට නිල ඇඳුමින් කාර්යාලවලට නොයාම, සෙනසුරාද රාජකාරී සඳහා කාර්යාලවලට වාර්තා නොකිරීම, දින හයක් රාජකාරියේ නිරත වීමට තිබුණද අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් රාජකාරි සිදු කිරීම යන වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වනවා.