පළාත් කිහිපයකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Sri Lanka Weather
By krishani Aug 12, 2023 01:15 AM GMT
krishani

krishani

Report

අද(12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ReeCha