කාලගුණය වෙනස් වෙයි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Sri Lanka Weather
By krishani Apr 22, 2023 02:08 AM GMT
krishani

krishani

Report

අද (22) නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇතැම් ස්ථාන වලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව ද සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මේ අතර, බස්නාහිර පළාතේ උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join