මුහුදු රළු වෙයි - කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට දැඩි අනතුරු ඇඟවීමක්
By Shehan
ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා, එසේම කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල මුහුදු රළු විය හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.
එමෙන්ම, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව, හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 සිට 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.